උඳුවප් මහේ හීතල හරියට කටු අනින්නා වගේ. ගස් වැල් වල අතු, ඉති,මල්, කොල උඩ වැටිච්ච පිණි බිංදු ඉර එළියට දිළිසෙනව. මීදුමෙන් වැහුණු වටපිටාවෙ වෙනද වගේම කුරුළු ගීත ඇහෙනව.
හැමදාම මේ වෙද්දි ඇහැරගෙන, අම්මගෙ උණුහුමට තුරුළු වෙලා ආදරේ හොයන "පහන්" අදනම් තාමත් නිදි. උඳුවප් හීතල පහන්ට ගාණක් නෑ, කුරුළු ගීත ඇහෙන්නෙත් නෑ, අම්මගෙ උණුහුම හොයන්නෙත් නෑ.
මේ පහන්ගෙ කතාව.
පහන් මේ ලෝකෙට ආවෙ මිට අවුරුදු තුන හමාරකට විතර කලියෙන්. එදා පහන්ගෙ අම්ම, තාත්ත වගේම දෙපැත්තෙම ආච්චිල සීයල, නෑදෑයො හැමෝම ගොඩක් සතුටු උනා. පහන්ගෙ හිනාව මුළු ගෙදරම එලිය කලා. දවසින් දවස පහන් ටික ටික වැඩෙනකොට, බහ තෝරනකොට, හැමෝම පහන්ට තව තවත් ආදරය කලා. හැමෝගෙම හුරතලා උනේ පහන්. අඩුම තරමෙ එයාගෙ අම්මට තාත්තට එයාව වඩා ගන්නවත් නෑ, පහන්ට කවන්න, නාවන්න, හුරතල් කරන්න නෑදෑයො ගොඩක් උන්න.
හැමෝගෙම ආදරය මැද්දෙ පුන්චි පවුලට එලිය ගෙනාව පහන් දවසක් හිටි හැටියේ එක පාරටම අසනිප උනා. වෙනද අම්මට තුරුල් වෙලා ආසාවෙන් අම්මගෙ කිරි බීපු දරුව කිරි ටිකවත් බොන්නෙ නෑ. ආරක්ෂක අංශයේ සේවය කරපු පහන්ගෙ පියාට ඇමතුමක් දුන්න පහන්ගෙ අම්ම පහන්ව ඉක්මණින්ම රෝහලට ගෙන ගියා.
පහන්ව පරික්ක්ෂා කරපු වෛද්‍ය වරුන් දරුවව කොලඹ ජාතික රෝහලට ඇතුළත් කරන්න පහන්ගෙ වැඩිහිටියන්ට උපදෙස් දුන්න. ජාතික රෝහලේදි පහන්ව පරීක්ෂා කරපු වෛද්‍යවරුන් කියපු දෙයින් පහන්ගෙ දෙමාපියන් වගේම, නැදෑයින් හැමෝමත් ලොකු කම්පනයකට පත් උනා. පහන්ගෙ හදවතේ සිදුරක්. මුළු ගෙදරටම එලිය ගෙනාපු පුන්චි එකා ලෙඩ ඇඳේ ඉන්නකොට කොහොම වාව ගන්නද ? පහන්ගෙ අම්ම තාත්ත, නෑදෑයො හැමෝම කම්පාවෙන්. පහන්ට අවශ්‍ය ප්‍රතිකාර දෙන අතරෙ, දින ගණනාවක් තිස්සෙ පරීක්ෂණ රාශියක් සිදු උනා. ඉන් පස්සෙ වෛද්‍ය වරුන් ඔවුන්ගේ නිගමනය පහන්ගේ දෙමාපියන්ට දැනුම් දුන්නා.
හදවතේ කුඩා සිදුරක් තිබුණත්, එයට කලබල විය යුතු නැති බවත්, එය ටිකෙන් ටික වැසී යන මට්ටමේ, අවදානම ඉතාම අඩු එකක් බවත් වෛද්‍යවරුන් කිවුවා. පහන්ව ආයෙම ගෙදර එක්කගෙන යන්න පුළුවන් බවත්, නියමිත දින වලදී වෛද්‍ය සායන වලට රැගෙන එන ලෙසත් ඔවුන් පහන්ගෙ දෙමාපියන්ට දැනුම් දුන්නා.
පහන්ව ගෙදරට එක්කගෙන ආපු දෙමාපියන්ට, ඔවුන්ගෙ හිතේ තිබුණ බිය අඩු වෙලා තිබුණෙ නෑ. පහන්ගෙ රෝගී තත්ත්වය ගැන ඔවුන් පසු උනේ ලොකු බයකින්, පහන් ක්‍රමයෙන් සුව වෙන බව වෛද්‍ය වරුන් කීවත්, පහන්ගෙ දෙමාපියන්ගෙ හිතේ ඇති උන බිය නිසා ඔවුන් එය සම්පූර්ණයෙන් විශ්වාස කලේ නෑ.
පහන්ව ඉක්මණුන් සුව කර ගන්න විදියක් ගැන ඔවුන් දිව රෑ නැතුව කල්පනා කලා. පහන් ව නැවතත් පෞද්ගලික රෝහලක වෛද්‍ය වරයෙක් ලඟට රැගෙන යන්න ඔවුන් තීරණය කලා.
ඔවුන් තෝරා ගත් විශේෂඥ වෛද්‍ය වරයා, රජයේ රෝහලකත් සෙවය කරන කෙනෙක්.පහන් ව පරීක්ෂා කරපු වෛද්‍ය වරයා , ශල්‍යකර්මයක් කරන්න රුපියල් ලක්ෂ නවයක මුදලක් අවශ්‍ය බව පහන්ගේ දෙමාපියන්ට දැනුම් දුන්නා.
ඉන් පස්සෙ පුන්චි පැටියගෙ දෙමාපියන් කල්පනා කලේ මේ මුදල හොයා ගන්න විදිය. තිබුණු කණ කර සේරම විකුණල, බැංකු පොත් වල තිබුණු හැම සතයක්ම අරගෙන, නෑදෑයන්ගෙනුත් උදවු ඇතුව කොහොම හරි අවශ්‍ය මුදල හොයා ගත්ත.
ශල්‍යකර්මයට දින යොදා ගත්තු පහන්ගෙ දෙමාපියන් නියමිත දිනයෙදි පහන්ව රෝහලට ඇතුලත් කරන්න එක්කගෙන ගියා. ලස්සන පොඩි ඇඳුමක් ඇඳල, පොඩි සපත්තු දෙකකුත් දාගෙන චූටි කුමාරයෙක් වගේ පහන් හරිම හුරුබුහුටියි. තාත්ත පහන්ව වඩාගෙන වාහනේට නැග්ග. අම්මයි, සීයයි, ආච්චියි දෙන්නත් වාහනේ පිටිපස්සෙ. තමන්ට රෝගයක් තිබෙන බවක්වත්, ඒ රෝගය මොකක්ද කියලවත් පහන් දැනගෙන හිටියෙ නෑ.
තාත්තත් එක්ක හුරතල් වෙවී රෝහලට ආපු පහන්, අම්මත් එක්ක රෝහලේ නැවතුනා. දවස් කීපයක් තිස්සෙ කරපු පරීක්ෂණ රාශියකින් පස්සෙ පහන්ව ශල්‍යකර්මයට ගන්න වෙලාව ආව. අම්මගෙ, තාත්තගෙ, ආච්චිගෙ, සීයගෙ ඇස් වල කඳුළු. මේ කිසිවක් නොතේරෙන පුන්චි පැටිය අම්මත් එක්ක විශේෂඥ වෛද්‍යවරයා ලඟට ගියා. පහන්ව නැවතත් පරීක්ෂා කරල, ශ්ල්‍යකර්මයට සූදානම් කලා.
පැය කීපයක සැත්කමකින් පස්සෙ එහෙන් මෙහෙන් වයර්, බට සවි කරපු පහන්ව දැක ගන්නට පහන්ගෙ දෙමාපියන්ට නෑදෑයින්ට අවස්ථාව ලැබුනා. නිසොල්මනේ ඉන්න පුන්චි පැටිය දැක්කම හිත වාව ගන්න බැරුව හැම කෙනෙකුගෙම ඇස් කඳුළින් තෙත් උනා.
නියමිත වෙලාවට පහන්ට සිහිය එනකල් හැමෝම බලන් උන්න.
නියමිත් පැය ගණන ගෙවිල යද්දි හැම කෙනාම නොඉවසිල්ලෙන්. පහන් ඇස් අරිනකල් කාටවත් සැනසිල්ලක් නෑ. ඒත් පහන් තවමත් නින්දේ. වෛද්‍යවරයා පහන්ව පරීක්ෂා කලා. ඔහු කලබල වෙලා. ඔවුන් පහන්ට නැවතත් ප්‍රතිකාර දෙනව. හැම කෙනාම හිතේ බයෙන්. ශල්‍යාගාරය තුල කලබලයක්.
තවත් පැයක් පමණ ගත උනා. ඒ කාලය හැමෝටම දැනුණෙ දින ගණනාවක් ගත උනා වගේ. අවසානයේදි වෛද්‍යවරයා ශල්‍යාගාරයෙන් පිටතට ඇවිත් පහන්ගෙ පියාට කතා කලා. ඔහුට යමක් පැහැදිලි කලා. පහන්ගෙ පියා සිහිසුන්ව ඇද වැටුණා.
පහන් යන්න ගිහින්. ආයෙ නොඑන්නම යන්න ගිහින්. ආයෙ කවදාවත් පහන් හිනා වෙන්නෙ නෑ, අඬන්නෙත් නෑ, අම්මගෙ තුරුළට එන්නෙත් නෑ, තාත්ත එක්ක බයිසිකල් පදින්නෙත් නෑ. පුන්චි පැටිය යන්නම ගිහින්.
සුවපත් කර ගන්න රෝහලට එක්ක ගිය පහන්, ගෙදර ආවෙ පුන්චි පෙට්ටියක සැතපිලා. ගෙදර ඇවිත් දවස් දෙකකට පස්සෙ මූසල හැන්දෑවක, පහන් හැමෝම අඬවල ආයෙ නො එන්නම ගෙදරින් යන්න ගියා. අම්මගෙන් තාත්තගෙන් ඈත් වෙලා, නෑදෑයින්ගෙන් ඈත් වෙලා, සෙල්ලම් බඩු දිහාවත් නොබලම, සුදු වැලි උඩින් පුන්චි පහන් යන්න ගියෙ ආයෙ කවදාවත්ම ආපහු එන්න නෙමෙයි.
පහන්ගෙ අම්ම තාත්ත මුලින්ම වෛද්‍යවරුන් දීපු නිගමනය පිලි ගත්තනම්, තව ටිකක් ඉවසුවනම්, පහන්ව හොඳින් රැක බලාගෙන ආරක්ෂා කලානම්, හදිසි ශල්‍යකර්මයකට නොයා වෛද්‍ය මතය පිලිගත්තනම්, පෞද්ගලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා පහන්ගෙ දෙමාපියන්ට කරුණු පැහැදිලි කරල, ශල්‍යකර්මයක් අවශ්‍ය නැති බව ඔවුන්ට තේරුම් කලානම් , පුන්චි පැටිය තවමත් ජීවත් වෙනව.
( සත්‍ය සිදු වීමකි. නම් ගම් මනඃකල්පිතය )
ඇත්තෙන්ම දෙමවුපියන් නොඉවසිලිමත්..ඒක මවක් පියෙක්ගෙ සාමාන්‍ය විදිය..නමුත් වෛද්‍ය වරයෙක් දෙන උපදෙස ටිකක් ඉවසීමෙන් ඇහුවා නම් ...ඔය දුක්ඛිත තත්වය සිද්ද වෙන්නෙ නැහැ නේ....කණගාටුයි..මේක ඇත්තෙන්ම තවත් කාගෙ හරි ඇසක් ඇරෙන්න වත් හේතු වේවි..
ReplyDeleteඔයාගෙන් මම පොඩි දෙයක් ඉල්ලන්නම්...මේ මම වගේ වයසක උන්දැලා ට බ්ලොගේ කියවන්න පහසු වෙන්න ෆොන්ට් එක චුට්ටක් ලොකු කලා නම් මම කැමතියි..ඉල්ලීමක් විතරයි ..හැකි නම්...
This comment has been removed by the author.
Deleteඅනිවාර්යෙන්ම, ෆොන්ට් එක මීට වඩා ටිකක් ලොකුවට දාන්නම්
Deleteදෙමුපියන්ගේ 'මුග්ධකම්' වලට වන්දිගෙවන දරුවන්
ReplyDeleteදරුවන් හැම විටම අනතුරට පත් වෙන්නෙ වැඩිහිටියන්ගේ වරද නිසා
Delete